තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරයේ නිල කටයුතු අද (18දා) ආරම්භ කරන ලදී. තෙවැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ගෞරවනීය ආරාධිතයා වශයෙන් එක්වූ අග්‍රාමාත්‍යවරා එහි ප්‍රධාන දේශනය කරමින් සිය සිංගප්පූරු සංචාරය ආරම්භ කළේය.
ඉන් අනතුරුව එරට එස්ටානා මන්දිරයේදී ජනපති ටෝනි ටෑන්,අගමැති ලී ෂියෑන් ලූන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිරීමෙන් පසුව දෙරටට වැදගත් ගිවිසුම් පහකට අත්සන් තබන ලදී.
අගමැති ඩයස්පෝරා සමුළුවට එක්වෙමින්
එස්ටානා මන්දිරයේදී අගමැති ලී ෂියෑන් ලූන් මහතා හමු වූ අවස්ථාව
සිංගප්පූරු ජනපති ටෝනි ටෑන් මහතා හමුවූ අවස්ථාව
ද්විපාර්ශ්වීය ගිවිසුම් අත්සන් කළ අවස්ථාව