නව තාක්ෂණික සොයා ගැනීම් වෙනුවෙන් පනතක්


ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා  පර්යේෂණ  සංවර්ධනය වෙනුවෙන්  නව පනතක් ගෙන ඒමට  අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා  මේ බව කියා සිටියේ  ඊයේ (08) පෙරවරුවේ  මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී  කනක හේරත් මහතා,  විසින්  වේගා ඉනෝවේෂන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ  මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.

නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කනක හේරත් මහතා කියා සිටියේ  නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය  පහසුකම් වැඩි දිව්නු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ  පුළුල් කළ යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකය ක් සඳහා රට මෙහය වීම බවත්යි ඒ් සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් පෙන්වා දුන්  හේරත් මහතා, එහිදී  තාක්ෂණික අංශයේ  පර්යේෂණ  ප්‍රධාන වන බවද කීය.

එමෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ  ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් සමන්විත  ජයාධිපති කර්‍ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ  තොරතුරු ඉදිරිපත් කරන ලෙස ත්,, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත්  ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව ද  කනක හේරත් මහතා කීය.



Recommended Articles