කොවිඩ් ප්‍රතිකාර පහසු කිරීමට රෝබොවරයෙක්


මීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

නිල්වලා විදුලිබල පුද්ගලික සමාගමේ "විදුසවිය ගමට එළියක් " වැඩසටහන යටතේ මෙම රොබෝවරයා පරිත්‍යාග කර තිබේ.

එම සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක රොෂාන් සිරිවර්ධන මහතා විසින් පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය  ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය වෙත  ටෙඩී රොබෝවරයා භාරදීම සිදුකරනු ලැබීය.

පානදුර සුමිත් ප්‍රේමතිලක/පානදුර සමන් කාරියවසම්



Recommended Articles