එලෝන් මස්ක් ට්විටර් වෙත තවත් ප්‍රභල වෙනසක් කරයි


ට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.

ඒ සඳහා දුරකතන මෙහෙයුම් පද්ධති හිමිකරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් දුරකතන අංකයකින් තොරව මෙම ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන බවත් ඔහු පවසයි.

එලෝන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමෙන් අනතුරුව ඒ වෙත ප්‍රධාන වෙනස්කම් රාශියක් හඳුන්වා දෙමින් සිටියි. 

 



Recommended Articles