ඉතිහාසයේ පළමු වතාවට පරීක්ෂණ දත්ත රැසක් රැස් කරන බැලුනයක් ගුවනට


මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ  බැලුනයක් ගුවන් ගත කිරීම 26 දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරිණි.

විශ්වවිද්‍යාල 18ක සිසු-සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිටිමින් 26 දින අලුයම 5ට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම උදේ 7.30 ට පමණ  සාර්ථක ව ගුවන් ගත  කිරීම විශේෂත්වයකි.

 ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරණ උපයෝගි කරගෙන  දීවයිනේ ප්‍රථම වතාවට  රබර් බැලූනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙය ගුවන් ගත කිරීම සිදු කරනු ලැබීය.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිත කරන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුහු පවසති.

 ලෝකයේ රටවල් ගණනාවක් එක්ව  සිදුකරන ලද මෙවැනි අත්හදා බැලීමකට ලංකාවේ විශ්ව විද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී මෙය සිදු කෙරෙන බව එම සංවිධානය කියති.

මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලුනය පුපුරා එහි සවිකොට ඇති පැරිසුට් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල  පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසති.

මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට රොකට් උපයෝගී කරගෙන සිදුකරන ලබන සැටලයිට් වෙනුවට බැලූන  යොදාගෙන එම දත්ත ලබා ගැනීමට හැකි බව ඔවුහු පවසති.

මෙමගින් ඉහල වායුගෝලයේ පවතින  වීවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කරගැනීම කාලගුණික දත්ත සපයා ගැනීම මෙන්ම කැලෑ හෙළි පෙහෙළි කිරීම් කැලෑ ඝනත්වය පිළිබඳව දත්ත ලබාගැනීම වන අලීන්  පිළිබඳව  තොරතුරු රැස්කර ගැනීම ආදී ක්‍රියාවන් රැසක් සිදු වෙන බව එහි උපදේශක අමිල සඳුන් බස්නායක මහතා පැවසීය.

පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සියලු දෙනාගේ සහයෝගයෙන් සැදුම්ලත් සංවිධානයක් මගින් මෙම අත්හදා බැලීම ගුවන් ගත කිරීම සිදුකරන බව මෙහි ඇති දත්ත ගබඩාව මගින් විශාල කාර්යක්  මෙරටට ඉටුවනු ඇතැයි තමා විශ්වාස කරන බව  වීශ්ව විද්‍යාල සිසුවෙකු වූ යසිත දිමුතුරු මහතා පැවසීය.



Recommended Articles