ආසියාවේ බලගතුම සන්නාම 10න් හයක් චීනයේ


ආසියාවේ වඩාත්ම බලගතු සන්නාම අතර මුල් 10න් 6ක්ම චීන සන්නාම බවට  පත්ව තිබේ. ඩිජිටල් අලෙවිකරණ සහ සන්නාම තක්සේරුකරණ උපදේශක ආයතනයක් වන ලෝක සන්නාම විද්‍යාගාරය නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි. එම වාර්තාවේ ආසියාවේ වඩාත් බලගතුව සන්නාම 500 නම් කර තිබේ.

චීනයේ ෂැංහයි නුවරදී මෙම සන්නාම 500 ඔවුන් එලිදැක්වීය.  6 ක් ආසියාවේ වඩාත්ම බලගතු වෙළඳ නාම 10 ලෙස ලැයිස්තු ගත කර ඇත.

රටවල් 21 කින් මෙම සන්නාම තෝරාගෙල තිබුණි. ඒ අතරින් වැඩිම සන්නාම ප්‍රමාණයක් පවතින රටවල් ලෙස චීනය, ජපානය සහ දකුණු කොරියාව ඉදිරියෙන්ම පසුවෙයි.

වෙළඳ නාමවල බලපෑම තක්සේරු කිරීමේ මූලික දර්ශකයන් අතර වෙළඳපල කොටස, වෙළඳ නාම පක්ෂපාතිත්වය සහ ආසියානු නායකත්වය ඇතුළත් බව වර්ල්ඩ් බ්‍රෑන්ඩ් ලැබ් පවසයි.

01 ටොයෝටා - ජපානය

02 ස්ට්‍රේට් ග්‍රිඩ් - චීනය

03 ටෙන්සෙන්ට් - චීනය

04 හේයර් - චීනය

05 කර්මාන්ත හා වාණිජ බැංකුව - චීනය

06 සැම්සුන්ග් - දකුණු කොරියාව

07 හොන්ඩා - ජපානය

08 හුවාවේ - චීනය

09 චයිනා ලයිෆ් - චීනය

10 සෝනි - ජපානය



Recommended Articles