Snapdragon 835ට නව සැම්සන්ග් සාමාජිකයෙක්


කාලයක් තිස්සේ බොහෝ මිනිසුන් ආසාවෙන් සිටි ජංගම දුරකථන උපාංග විශේෂයක් එක්වරම වෙළෙඳපොළෙන් නැතිවී ගියා. බොහෝදෙනෙකු එය කටවහරට හැඳින්වුවේ ෆ්ලිප් ෆෝන් කියලයි. ෆ්ලිප් ෆෝන් එකක් අතදැරීමේ අමුතු ආශ්වාදයක් තිබූ බවනම් කිව යුතුමයි.

එයින් පසු කලකට වතාවක් විවිධ සමාගම් මිනිසා තුළ ඇති මෙම නොස්ටැල්ජික සිහිනය අවදි කරමින් නැවත නැවතත් ෆ්ලිප් ෆෝන් කරලියට ගෙන ආවා. කෙසේ වුවත් වැඩි කල් නොගොසින්මනැවතත් ෆ්ලිප් ෆෝන් එකක් කරළියට එන්නටයි සූදානම.

සැම්සන්ග් සමාගම නිකුත් කිරීමට නියමිත මෙම උපාංගය අනෙකුත් ෆ්ලිප් ෆෝන්වලට වඩා වෙනස් ලෙසකින් අන්තරගත කර එවීමට නියමිතයි. ඒ එහි අන්තර්ගත කරන අධි තාක්ෂණයයි. සාමාන්‍යයෙන් පසුකාලීනව වෙළෙඳ පොළට පැමිණි මැද මාවතේ ෆ්ලිප් ෆෝන්වලට වඩා වෙනසක් කරමින් ඔවුන් දැනට පවතින ප්‍රබලතම ප්‍රොසෙසරය වන ස්නැප්ඩ්‍රැගන් 835 ප්‍රොසෙසරයක් අන්තර්ගත කරමින් ගිගාබයිට් 06ක රැම් අගයක් එක් කරමින් මෙය නිපදවීමට නියමිතයි.

මේ සම්බන්ධ තොරතුරු ගෙනෙන්නේ චීන වෙබ් අඩවියකින්. එසේම එහි 64GB මතක ධාරිතාවක්, 4.2” ක 1080p ගුණාත්මකභාවයේ තිර ද්විත්වයක්, 12MP/5MP camera ද්විත්වයක්, 2,300mAhබැටරියක් සහ උපාංගය බලගැන්වුමට Android 6.0 Marshmallow සංස්කරණය යෙදීමට නියමිතයි.

1 samsung-w2018-clamshell-visits-tenaa-specs-revealed-516115-3 samsung-w2018-clamshell-visits-tenaa-specs-revealed-516115-5

 

 

 



Recommended Articles