Imgur


ඔබට යම් කිසි මාතෘකාවකට අදාළ ඡායාරූපයක් හෝ චිත්‍රයක් හෝ කෙටි සජීවීකරණයක් අවශ්‍ය වූ විට ඔබ විසින් සිදුකරන්නේ එය සෙවුම් යන්ත්‍රයක් ආධාරයෙන් සෙවුම් කිරීම නොවේද? එය වඩාත් පහසු වුවත්, මෙවැනි ඉමේජයන් සඳහාම වෙන්වූ දත්ත සමුදායක් හරහා එවැනි සෙවුමක් කිරීම වඩාත් සාර්ථක බව කිව හැකිවේ.

මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම මගින් ඔබට ඡායාරූප හෝ ඉමේජයන් ඇතුළත් විශාල දත්ත ගබඩාවකට ප්‍රවේශය ලබාදෙනු ඇත. කෙසේ වුවත් මෙහි ඇති ඉමේජයන්හි විශේෂත්වය වන්නේ, ඒ සියල්ලම හාස්‍ය රසය මතුකරනා, විනෝදය සැපයීම ඉලක්ක කොටගත් ඉමේජයන් වීමයි. බොහෝ විට ඔබ ෆේස්බුක් හෝ ට්විටර් වැනි සමාජ ජාල වල ෂෙයාර් වනු දකිනා ඉමේජයන් මෙතැන තිබේ. ඔබට විනෝදය ලබාගැනීම සඳහා Imgur යෙදුම සමගින් මිනිත්තු කිහිපයක් ගත කිරීම ප්‍රමාණවත් වනු ඇත.

goo.gl/aycJV

 

 

 



Recommended Articles