CODE CRAFT 2016 ඇරඹේ


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණුව සහ උපදේශකත්වය ලබා දෙන CICRA Consultancies සමාගම සහ ශ්‍රී ලංකාවේ එකම ව්‍යාපාරික පුවත්පත වන DailyFT පුවත්පත එක්ව සංවිධානය කරන 'Code Craft' ජාතික සුරක්ෂිත කේත නිර්මාණ තරගාවලිය මේ මස 25 වැනිදා කොළඹදී දියත් කෙරිණි.

‍මෙම තරගාවලිය විශ්වවිද්‍යාල සහ සමාගම් ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, තරගාවලිය දියත් කළ දිනයේ පටන් මාස තුනක කාලයක් මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී. දිවයින පුරා ක්‍රියාත්මක වන ලෙස පැවැත්වෙන තරගාවලිය සඳහා ලියාපදිංචි වීම් 5,000ක් බලාපොරොත්තු වන බව CICRA සමාගම පවසයි.

AID_3429

තරගාවලිය යටතේ පැවැත්වෙන පරීක්ෂණය අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අතර, තෝරාගන්නා දක්ෂතම තරගකරුවන් 10 දෙනා දෙවැනි වටය හෙවත් අවසන් පූර්ව වටයට තෝරාගැනේ. එහිදී ප්‍රශ්න 75ක් ඉදිරිපත් කෙරෙන අතර ඔවුන් සිටින ස්ථානයේ සිට අදාළ පරීක්ෂාව සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව මේ දක්ෂයන් අතරින් අවසන් සුපිරි දක්ෂයා තෝරා ගැනේ.

මෙහිදී තරගාවලිය යටතේ පිරිනමන සමස්ත ත්‍යාග මුදල රුපියල් ලක්ෂ දහයකි. එසේම කාණ්ඩ දෙක යටතේම ජයග්‍රහණය ලබන්නන් ලබන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන සයිබර් ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගි කරවන බවත්, CICRA CAMPUS (PVT) LTD හි අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී බොෂාන් දයාරත්න මහතා සඳහන් කරයි.

මෙම තරගාවලිය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, ඇමෙරිකාවේ EC –COUNCIL ආයතනය, ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික ආයතනය (ICTA) සහ SLASSCOM ආයතනය සම්බන්ධව සිටියි. විජය පුවත්පත් සමාගම මෙම තරගාවලියට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සපයයි. තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර www.codecraft.lk යන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_3380 AID_3386 AID_3391 AID_3392 AID_3395 AID_3396 AID_3398 AID_3412 AID_3417 AID_3427  AID_3438 AID_3453 AID_3461 AID_3464 AID_3467 AID_3468 AID_3480 AID_3487 AID_3490 AID_3494 AID_3498



Recommended Articles