සුවිශේෂී ඡායාරූප ‍ෆිල්ටර ‍රැසක් සමගින් - Afterlight


සැකයක් නැතිවම ඔබට Google Play  තුළින් ඡායාරූපකරණයට සම්බන්ධ යෙදුම් ගැණිය නොහැකි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවනු ඇත. එසේම මේවායින් වැඩි ප්‍රමාණයක් ඔබට විවිධ ඡායාරූප ‍ෆිල්ටරයන් ඉදිරිපත් කරනු ඇතග කෙසේ වුවත් මෙම හඳුන්වාදෙන Afterlight යෙදුම සුවිශේෂී වන්නේල ඒ සමගින් ඔබට ලැබෙනා සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ ඡායාරූප ‍ෆිල්ටරයන්ගෙන් ඔබේ ඡායාරූපයට ලැබෙනා සුන්දරත්වයත්, Afterlight යෙදුමේ ඇති සරල ක්‍රියාකාරිත්වයත් නිසාම වේ.

මෙහි ‍ෆිල්ටර වලට අමතරව ඔබ ගන්නා ඡායාරූප සංස්කරණය සඳහා සහාය වන විවිධ මෙවලම් කට්ටලයක්ද අඩංගු වේග මෙවලම් 16 කින් සමන්විත මෙම කට්ටලය තුළින් ඔබට ඡායාරූපයේ සැකසුම් වෙනස් කිරීමටල තත්වයන් අඩු වැඩි කිරීමට සහ වෙනත් සංස්කරණ කටයුතු කර ගැනීමට හැකිවනු ඇත.

Afterlight  හි ඔබට සම්පූර්ණයෙන්ම සැකසුම් වෙනස් කළ හැකි ‍ෆිල්ටරයන් 27 ක් සහ ඉන්ස්ටග්‍රෑම් සේවය භාවිතා කරන්නන් විසින් සැකසුණු ‍ෆිල්ටරයන් 14 ක් දල එසේම නවතම හඳුන්වාදෙන ‍ෆිල්ටරයන් 18 ක්ද ලෙසින් ‍ෆිල්ටරයන් 59 ක් අඩංගු වේග ඊට අමතරව ඔබගේ ප්‍රියතාවයට අනුකූලව ඡායාරූප සඳහා යොදාගැනීමට හැකි විවිධ ඡායාරූප රාමු 77 ක්ද මෙහි අඩංගු වේ. 

කෙසේ නමුත් කිව යුතු කාරණාවක් වන්නේ, Afterlight  යෙදුම සැකසී ඇත්තේ තම ස්මාට්ෆෝනයේ ආධාරයෙන් ඡායාරූපයක් ගෙන, එය විවිධ සංස්කරණයන්ටල විවිධ වෙනස්කම් වලට බඳුන් කොට සමාජ ජාලයකට එක් කිරීමෙන් විනෝදාශ්වාදයක් ලබන්නන්ට මිසල වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පීන්ට හෝ ලෝලීන්ට නොවනා බවයි.

ඒ නිසා ඔබටත් සරල ඡායාරූප සංස්කරණ යෙදුමක් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයේ ස්ථාපනය කොට ගනිමින් තෘප්තිමත් වීමට හැකි නම්, Afterlight  යනු ඔබටම ගැලපෙන මෙවලම් සහ ‍ෆිල්ටරයන් එකතුවක් ලෙසින් හැඳින්වීමට හැක.

 

http://goo.gl/t5gcXB

 

 

 



Recommended Articles