සිංහලෙන් කියන්න - ගූගල් ටයිප් කරලා දෙයි


ඔබ සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ නියැළෙන අවස්ථාවක් ගූග්ල් විසින් ඊයේ(14) දිනයේදී ලබාදුන්නා. ඒ වොයිස් ටයිපින් සේවාවයි. ඊයේ දිනයේදී අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබාදුන් මෙම සේවාව නිසා මිනිසුන් බිලියනයකට පමණ එම සේවාව සලසාගැනීමේ ඉඩ ලැබෙනවා. ඒ අනුව සිංහල භාෂාව වෙනුවෙනුත් ඒ ඉඩ සැලසෙනවා. මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වීමත් විශේෂයෙන්ම සටහන් කළ යුතුයි. ඔබට භාගත කිරීමට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් හිGboardයෙදුම පමණයි. මිනිසාට වඩා පහසු ක්‍රමයකට සකසා ඇති එම යතුරු පුවරුව හරහා ඔබට මෙම නව සේවාව අත්විඳිය හැකියි.

මෙහිදී දසවැනි සියවසේ පමණ භාවිත වූ ඓතිහාසික ජෝජියානු භාෂාව මෙයට ඔවුන් ඇතුළත් කර ඇත්තේ එම භාෂාවට ගෞරවයක් ලෙසිනුයි. එසේම අප්‍රිකාවේ විශාලතම භාෂාවන් දෙකක් වන ස්වාහිලී සහ ඇමරික් භාෂා සේම බොහෝ ඉන්දියානු භාෂාවලටද එම සේවාව ක්‍රියාත්මකයි. මේ එලෙස අලුතින් එක්වන භාෂා තිහේ ලැයිස්තුවයි.

Amharic (Ethiopia)

Armenian (Armenia)

Azerbaijani (Azerbaijani)

Bengali (Bangladesh, India)

English (Ghana, Kenya, Nigeria, Tanzania)

Georgian (Georgia)

Gujarati (India)

Javanese (Indonesia)

Kannada (India)

Khmer (Cambodian)

Lao (Laos)

Latvian (Latvia)

Malayalam (India)

Marathi (India)

Nepali (Nepal)

Sinhala (Sri Lanka)

Sundanese (Indonesia)

Swahili (Tanzania, Kenya)

Tamil (India, Singapore, Sri Lanka, Malaysia)

Telugu (India)

Urdu (Pakistan, India)

මෙම භාෂා ප්‍රමාණය ගණන් කළ පසු ඔබට 21ක් ලෙස අගයක් ලැබුණත් එම භාෂා සේවාව විහිදෙන රටවල් ප්‍රමාණයෙන් සම්පූර්ණ භාෂා තිහක ගණනය සම්පූර්ණ වනු ඇත. මෙලෙස භාෂා තිහකට මෙම සේවාව සපයන්නට සාමාන්‍ය යෙදුම් ඒ ඒ රටවල කියැවෙන ආකාරය පර්යේෂණයට ලක්කිරීමට බොහෝදෙනෙකු යොදාගෙන එම වදන් නැවත කියවා තිබේ. දැන් ඔබට Gboardභාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන අතරමගක වුව ඔබේ සටහනක් ඔබේම මවු භාෂාවෙන් භාවිත කළ හැකි වනු ඇත.

මේ Andro Dollar යූටියුබ් චැනලයෙන් ඒ වෙනුවෙන් සිදුකළ වීඩියෝවකි.

https://youtu.be/jb69cLVtXSQ

 

download maxresdefault speech_recognition%20%281%29

 

 



Recommended Articles