සැම්සුන්ග් වරද සොයාගනියි


සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ සැම්සුන්ග් ගැලැක්සි නොට් 7 ජංගම දුරකතනය ගිනි ගැනීමට හේතුව එහි බැටරියේ ඇති ගැටලුවක් බවට සමාගම විසින් කළ පරීක්ෂණවලදි අණාවරණය කරගෙන තිබේ.

ඊයේ දිනයේදී සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දුරකතනයේ මෘදුකාංග හා දෘඩාංග වල ගැටලුවක් නොමැති බවත් බැටරියේ ඇති ගැටලුවක් නිසා එය ගිනිගැනීමට ලක්වූ බවත්ය.

දුරකතන කිහිපයක් ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ඔවුන් වෙළඳපොළට නිකුත් කළ දුරකතන සියල්ලම නැවත කැඳවිමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් සමාගමට ඩොලර් බිලියන 5.3ක අලාභයක් සිදුවූ බව ගණන් බලා තිබේ.

බැටරියේ නිර්මණය හා එහි නිෂ්පාදනය මෙම ගැටලුවට හේතු වී තිබේ. ගැලැක්සි නෝට් 7 දුරකතනයේ බැටරිය සමාගම් දෙකක් විසින් නිපදවා තිබේ.

_93645450_2c8dd6f1-24d2-4f5e-99da-91acd5202e8e copy _93768304_gettyimages-598647702-1 _93768306_samsung



Recommended Articles