සැම්සුන්ග් වෙතින් නම්‍යශිලී දුරකතනයක්


මෙතෙක් ලොව දෙකට නැවිය හැකි ජංගම දුරකථන සුලභව දක්නට ලැබුණත්, ක්‍රම ක්‍රමයෙන් එම ෆ්ලිප් ෆෝන් අභාවයට ගොස් ඇති බව දකින්නට හැකියි. කෙසේ නමුත් මෙම නව ඔත්තුවට අනුව කියැවෙන්නේ නව ෆ්ලිප් ෆෝනයක් සම්බන්ධයෙන් නම් නොවේ. මෙම ආරංචියට අනුව නැවිය හැකි ස්මාට්ෆෝනයක් සැම්සන්ග් සමාගමෙන් මේ වසර අග කාර්තුවේදී නිකුත් වීමට නියමිතය.

Galaxy X නමින් හඳුන්වන එය ඉහත කියූ මින් පෙර දක්නට ලැබුණු නැවිය හැකි ජංගම දුරකථන වන ෆ්ලිප් ෆෝන් ආකෘතියෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මෙම නව Galaxy X හි ඡායාරූප අධ්‍යයනය කරන ඔබට වැටහෙනු ඇත. එම ඡායාරූප මෑතකදි සැම්සන්ග් සමාගම ලබාගත් පේටන්ට් බලපත්‍රයන් ඇසුරෙන්, ලොව පුරා සිටිනා නව ස්මාට්ෆෝනයන් සම්බන්ධ නිර්මාණ සැලසුම් අනාවැකිකරුවන් විසින් නිශ්චය කළ හැඩ සටහන් ඇසුරෙන් නිර්මාණය වූ ඒවා වේ. 

2016-05-13-image-11

මෙම ව්‍යාපෘතියේ නම ලෙසින් අසන්නට ලැබෙන්නේ Project Valley යන්නයි. මෙම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති ස්මාට්ෆෝනය අලෙවි කරන නාමය Galaxy X වුවත්, ඊට පසුව වෙනත් නමක් ලැබුණද, එහි අපූර්ව හැඩය සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගමෙන්ම ලැබුණායැයි කියන ඔත්තුව මෙයට සුවිශේෂී ආකර්ෂණයක් එක් කොට ඇති බව පෙනී යයි. මෙම ස්මාට්ෆෝනයේ මිළ පිළිබඳව හෝ ස්මාට්ෆෝනයේ අන්තර්ගත විශේෂාංගයන් පිළිබඳව මේ වනතෙක් කිසිඳු තොරතුරක් නිකුත්ව නැතත් මෙම උපාංගයේ හැඩය මතම පමණක් බොහෝදෙනෙකු මෙයට ආකර්ෂණය වී තිබෙන බව මෙම පුවත පැතිරී යන වේගය නිසා හඳුනාගත හැකිය.

 foldable-smartphone-samsung galaxy_x Samsung-Foldable-prototype-galaxy-x samsung-galaxy-x-patent-02 samsung-galaxy-x-patent-04-720x368-720x368 samsung-s-folding-galaxy-x-may-spark-the-revolution-that-smartphones-need Samsung-Will-Launch-Foldable-Galaxy-X-in-2017

 

 



Recommended Articles