Samsung Galaxy Note 7 ආපසු කැඳවයි


සිය සමාගම විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් අලෙවි කළ සැම්සුම්ග් ගැලැක්සි නෝට් 07 දුරකතන ආපසු කැඳවිමට සැම්සුන්ග් සමාගම කටයුතු කර තිබේ. ඒ එම ජංගම දුරකතනයේ ඇතිව ඇති කාර්මික දෝෂයක් හේතුවෙනි.

දුරකතනයේ බැටරියේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම දුරකතන පිපිරීමකට ලක්වෙන බවට ලොව පුරා වාර්තා වීමත් සමගින් සමාගම ඉහත තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා නව දුරකතයක්  නිර්මාණය කිරීමට අවම වශයෙන් සති දෙකක කාලයක් ගත වෙනු ඇති බවත් ගණන් බලා තිබේ.මේ වන විට ලොවපුරා අලෙවි වී ඇති ගැලැක්සි නෝට් 07 ජංගම දුරකතන සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ බවද කියැවෙයි.

කෙසේ වෙතත් නව දුරකතනය වෙළඳපොළට ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව සමාගම විසින් නිවේදනය කර නොමැත.නෝට් 07 දුරකතනය ගිනි ගන්නා අයුරු බොහෝ දෙනෙකු වීඩියෝ මාර්ගයෙන් හා ඡායාරූප ඇසුරෙන් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමත් සමග සමාගම ඒ සඳහා විසඳුම් ලබා තීමට තීරණය කර තිබේ.

37C6AF8900000578-3770185-image-a-25_1472785625353 37D13B4F00000578-3770185-image-a-18_1472785504927 37D13B5A00000578-3770185-image-a-24_1472785601060 37D13B5300000578-3770185-image-m-23_1472785580294

 

 

 



Recommended Articles