මෝටරෝලා සමාගම තරගකාරි වෙළෙඳපොළ වෙත නැවතත් ගෙන එන්නට


මෝටරෝලා සමාගම මෙම මාසයේදී නිකුත් කිරීමට නියමිත, පසුගිය පෙබරවාරියේදී නිවේදනය කළ ඔවුන්ගේ මීලඟ උපාංගය වන Motorola Moto G5 Plus උපාංගය සමගින් මෝටරෝලා සමාගම නැවතත් තරගකාරී ස්මාට්ෆෝන් නිෂ්පාදන වෙළඳපොලට ගෙනෙන්නට සමත් වනු ඇත.

ඩුවල් සිම් ස්මාට්ෆෝනයක් වන මෙය අතට වඩා හොඳින් ග්‍රහණය වන අන්දමේ නිමාවකින් යුතුව, අඟල් 5.2 ක තිර ප්‍රමාණයක් සහිතව නිෂ්පාදනය කොට ඇත. එයට Corning Gorilla Glass 3 මගින් වැඩි ආරක්ෂාවක් සැලසේ. Motorola Moto G5 Plus උපාංගය නිමවා ඇති හැඩය මෙන්ම එහි කැමරාව සහ මතුපිට පෘෂ්ඨය නිමවා ඇති පෙනුමද එක්තැන්ව මෙය ආකර්ෂණීය උපාංගයක් බවට පත් කොට තිබේ.

Motorola Moto G5 Plus උපාංගයට Android OS v7.0 (Nougat) මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කොට ඇත. මෙහි දෘඩාංග සම්බන්ධයෙන් සලකා බැලීමේදී Snapdragon 625 චිප පද්ධතියකට යෑම නම් තරගකාරී වෙළඳපොලට ගැලපෙන සාධකයකැයි පැවසිය නොහැකිමුත් මෙහි අනෙකුත් දෘඩාංග හැකියාවන් වඩා ඉහළ භාවිතාවක් උදෙසා නිමවා ඇති බව කිව යුතු වේ.

Motorola Moto G5 Plus උපාංගය ගිගාබයිට් 32 සහ ගිගාබයිට් 64 ලෙස සංස්කරණ දෙකකින් නිමවා වෙළඳපොලට පැමිණිමට නියමිතයි. එසේම මෙහි රැම් අගයන්ද ගිගාබයිට් 2/3/4 ලෙසින් සංස්කරණ වලට වෙන්වේ.

මෙහි ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 12 ක විභේදන බලයක් සහිතව (f/1.7) autofocus, dual-LED (dual tone) flash වැනි හැකියාවන්ගෙන් සන්නද්ධව පැමිණෙන අතර අමතර විශේෂාංග ලෙස Geo-tagging, touch focus, face detection, panorama, auto-HDR වැනි සම්මත පහසුකම්ද මෙහි තිබේ. ඉදිරිපස කැමරාව ලෙස මෙගාපික්සල් 5ක කැමරාවක් අන්තර්ගතය.

මෙම හැකියාවන් හා පහසුකම් වලට අමතරව මෙහි සම්මත ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝනයක දක්නට ලැබෙනා සෙන්සර පද්ධතියක්ද තිබේ. ඊට accelerometer, gyro, proximity, compass මෙන්ම ඉදිරියෙන් ස්ථාපනය කොට ඇති (front-mounted) ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ සෙන්සරයද ඇතුළත් වේ. එසේම Motorola Moto G5 Plus උපාංගය ඉවත් කළ නොහැකි ලිතියම් අයන් 3000mAh බලැති බැටරියකින් ජව ගැන්වෙයි.

7cc73a69675eec293aa83786ade727ce1a819f17 315201740806PM_635_moto_g5_plus moto-g5-plus-evleaks1 Motorola-Moto-G5-Main-Article-1 motorola-moto-g5-plus-1 motorola-moto-g5-plus-2 motorola-moto-g5-plus-10 Motorola-Moto-G5-Release-date



Recommended Articles