ඇපල් හෝම්පොඩ් මේ වසර අගදී සීමිත ප්‍රමාණයකට පමණක්


ගූග්ල් හෝම්, ඇලෙක්සා වැනි ස්මාට් නිවසකට තැනෙන නිෂ්පාදන අතරේ ගූග්ල් සහ මයික්‍රසොෆ්ට් හී ප්‍රධාන තරගකරුවා වන ඇපල් සමාගම සිය ස්මාට් නිවෙස් වෙනුවෙන් කරන නිෂ්පාදන මෙම වසරේ අගදී සීමිත ප්‍රමාණයකට පමණක් නිෂ්පාදනය කරනු ඇත. ඒ අනුව නත්තල් සමයේදී ඇපල් හෝම් පොඩ් උපාංගය ඇමරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාවට පමණක් සීමිතව නිකුත් කරනු ඇත. දැනට සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව ඔවුන් උපරිමයෙන් උපාංග ලක්ෂ 5ක් පමණක් නිකුත් කරනු ඇත.

තායිවානයේ ඉන්වෙන්ටෙක් ආයතනයේ නිෂ්පාදනය කෙරෙතැයි පැවසෙන මෙම ඇපල් හෝම් පොඩ් නිෂ්පාදනයට ඉදිරියේදී තවත් තරගකරුවන් බොහෝදෙනෙකු එක්වෙනු ඇති බව පැවසෙයි. ඒ මෙම නිෂ්පාදනය බොහෝ දෙනෙකු ඉතසිතින් පිළිගත් බැවිනි. එළැඹෙන වසරේදී ෆොක්ස්කොන් සමාගමද ස්මාට් ස්පීකරයක් නිමැවීමේ සූදානමින් සිටියි.

ඇතමුන් තර්ක කරන්නේ ඇමරිකාවේ රහස් තොරතුරු එක් ‍රැස් කරනා බුද්ධි අංශ මගින් ලෝකයේ මිනිසුන්ගේ රහස් තොරතුරු තවතවත් සපයාගන්නට දරණ වෑයමක් ලෙසින් වුවත්, මෙම නව තාක්ෂණය මිනිසුන්ගේ කාර්යබහුල දිවියේ පහසුවට මනා ලෙසින් උපයෝගී වන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

ඇමරිකානු ඩොලර් 350කට පමණ නිකුත් කිරීමට නියමිත මෙම ඇපල් සිරි ස්පීකරයට හෙවත් හෝම් පොඩ් උපාංගයට ලබන වසර අවසන් වන තෙක්ම පාහේ ලෝක ඉල්ලුමට සරිලන සැපයුමක් නිකුත් නොකිරීමට තීරණයක් ඇති බව තාක්ෂණික කතාබහ අතරේ ආරංචි වෙයි.

20170814_HomePod_article_main_image gsmarena_001



Recommended Articles