එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව කණ්ඩායමට ආදේශ කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊයේ (28) පැවති පුහුණු සැසියකදී ළහිරු කුමාර ආබාධයකට ලක්විය.