හේයිඩ්න් හා ෆිලැන්ඩර් පාකිස්තානයේ පුහුණුකරුවන් ලෙස පත් කෙරේ


පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේයිඩ්න් හා දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පත් කර ඇත.

පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිස්බා උල් හක් හා පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් සිය තනතුරුවලින් ඉල්ලා අස් වුණේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ දිනයේ දීමය.

 



Recommended Articles