සීමිත ඕවර තරඟවල නායකත්වය දසුන්ට?


ඉන්දියාවට එරෙහි එක්දින සහ 20-20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බව වාර්තා වෙයි.

උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බවද වාර්තා වෙයි.

දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස 2019 වසරේ පැවැති පාකිස්තාන තරග සංචාරයේ දී කටයුතු කළ අතර, එම තරගාවලිය තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමටද සමත් විය. ඒ වන විට පාකිස්තාන කණ්ඩායම ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම ලෙස රැදී සිටියේය.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.



Recommended Articles