අන්තර්සමාජ ලිග් රග්බි තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සී.එච්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කණ්ඩායම පරදා ලකුනු 26-25 ක තියුුණු ජයක් හිමිකර ගනිමිනි. වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිරියෙන් පසුවූයේ සත්කාරක නාවික හමුදා කණ්ඩායමයි. ඒ ලකුණු 13-06 ක් ලෙසිනි. කෙසේ වෙතත් සී.එච් කණඩායම දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 20 ක් රැස් කලේ ප්‍රතිවාදීන් එම අර්ධයේදී ලකුනු 12 කට සීමා කරමිනි. මෙවර තරගාවලියේදී සී.එච්. හමුවේ නාවික හමුදාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය