සී.එච් පරදා හැව්ලොක්ට තියුනු ජයක්


 

අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. පරදා ලකුනු 40-37 ක තියුනු ජයක් වාර්තා කිරිමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි. තරගෙය් පළමු අර්ධයද ඉතා තියුනු ස්වාභාවයක් ගත් අතර හැව්ලොක් ක්‍රීඩකයින් මුලින් ලකුණු රැස් කළද, සී.එච්. ක්‍රීඩකයින් එයට දැඩි සටනක් ලබා දීම කැපී පෙණින. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ලකුනු 20-17 ක් ලෙස සී.එච්. ඉදිරියෙන් සිටිමිනි. තරගයේ අවසන් භාගයේදී සී.එච්. ක්‍රීඩකයෝ ජයග්‍රහණයට දැඩි උත්සාහක් ගත්තද ඔවුන්ගේ ප්‍රවර්ථන කිහිපයක් නිවැරදි එල්ලයට එල්ල කළ නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය වැලකී ගියේය. ජයග්‍රාහී හැව්ලොක් ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර සී.එච්. ක්‍රීඩකයික් ගෝල දිනුම් 2ක්, උත්සාහක දිනුම් 4 ක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles