සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අදියර ජයග්‍රහණයකින් අවසන් කරති


අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර ජයග්‍රහණයකින් අවසන් කිරීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කණ්ඩායම පරදා ලකුනු 27-24 ක තියුණු ජයක් හිමිකර ගනිමිනි. ලොන්ඩන පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී සී.ආර්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර නාවික හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.

 

ඡායාරූප - ඕෂිත වරකපිටිය



Recommended Articles