සිව්වන වරටත් IPL ශූරතාවය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම​ට


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වි​ය.

ඒ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින්.

චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

 



Recommended Articles