සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ඉනිමට ලකුණක් හෝ එකතුවීමට මත්තෙන් දැවී ගියත් නායක කුසල් මෙන්ඩිස් (46) හා සදීර සමරවික්‍රම (41) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩනැංවීය.
ජනිත් ලියනගේ ලකුණු 24ක් රැස්කළ අතර උපනායක චරිත් අසලංක තම අන්තය ආරක්ෂා කරගනිමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවූයේ තම තෙවැනි ශතකයද (101) රැස්කමිනි.
පන්දු 95කදී රැස්කළ ඔහුගේ ශතකයට හයේ පහර 4ක් හා හතරේ පහර පහක් ඇතුළත්විය. දසුන් ශානකට රැස්කළ හැකිවූයේ ලකුණු 8ක් පමණි.