සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 406


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණ 406ක් රැස්කිරීමට සමත්වූයේය.

සිම්බාබවේ කණ්ඩායම වෙනුවෙන් නායක සීන් විලියම්සන් ලකුණු 107ක් රැස් කළේය. ඊට අමතරව  බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 62ක් හා සිකන්ධර් රාසා ලකුණු 72ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 42.3කදී ලකුණු 182ට කඩුලු 4ක් දවාගැනීමට සමත්වූයේය. ඊට අමතරව ධනංජයද සිල්වා කඩුලු 3ක් හා සුරංක ලක්මාල් කඩුලු 2ක් දවා ගත්තේය.

 



Recommended Articles