සිංහයන් සමග සටනට පෙර කැංගරුවන් විශාල ගැටලුවකට


ශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔස්ට්‍රේලියානු පුහුණුකරුගේ ධුරය කෙටි කාලයකට පමණක් දීර්ඝ කිරීමට විරෝධය දක්වමින් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉවත්ව තිබේ.

ඊයේ සවස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා ජස්ටින් ලැන්ගර් අතර පැවැති සාකච්ඡාව විසඳුුමකින් තොරව අවසන්ව ඇති අතර ඉන් පසුුව ඔහු සිය ධුරයෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය විස්සයි20 ලෝක ශූරතාවලිය මෙන්ම අලු බඳුන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරා ඔස්ට්‍රේලියාව මෙහෙයවූයේ ජයස්ටින් ලැන්ගර්ය.

 



Recommended Articles