සනත්ට වසර 7ක ක්‍රිකට් තහනමක්


අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු කාර්ය සාධන විශ්ලේෂකයෙකු වන සනත් ජයසුන්දර මහතාට වසර 7 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

මෙම තහනම 2019 වසරේ මැයි 11 දා සිට බලපැවැත්වෙයි. ඒ එදින සිට ඔහුට ක්‍රිකට් තහනමක් පනවා ඇති හෙයිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.



Recommended Articles