ශ්‍රී ලංකාවෙන් අයි.පි.ඒල්. යන්න වෙර දරණ ෂෙවෝන් කවුද ?


ශ්‍රී ලංකා නැගී ඒන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ෂෙවෝන් ඩැනියෙල්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ආරාධනා ලැබ ඇත.

තවමත් 18 හැවිරිදි වියේ පසුවන ෂෙවෝන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපනායකත්වයද දරණු ලැබ ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත සංචාරයකටද එක්වී ඇත.

මේ වස‌‌රේ පාකිස්ථානු කණිෂ්ඨ ලීග් තරගාවලියටද සහභාගි වූ ෂෙවෝන් එහිදී පිතිකරුවෙකු ලෙස විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වී ඇත.

ඒහිදී ඉනිම් 5 කට මුහුණදුන් ඩැනියෙල් ලකුනු 176 න් රැස් කර ගත්තේ 44 ක ලකුනු සාමාන්‍යයක් සහිතවයි. ඔහු එහිදී ලකුනු 100 කට වඩා රැස්කර ගත් ක්‍රීඩකයින් අතර දෙවැනි හොඳම ලකුනු සාමාන්‍යයද හිමිකර ගත්තේය.

ෂෙවෝන් ඩැනියෙල් මේ වන විට මරදාන ශා. ජෝශප් විදුහලේ ඉගෙනුම ලබයි.  



Recommended Articles