ශ්‍රී ලංකාවට ලකුණු 258ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද ආරම්භය විය.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වි​ය.

පන්දුවට පහරදීමේදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 84 ක් ලබා ගැනීමට සමත් වි​ය. පන්දු යැවීමේදී ධනංජයද සිල්වා ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වි​ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩාමට  ජයග්‍රහණය සඳහා පන්දුවාර 50 ක් තුළ ලකුණු 258 ක් ලබාගත යුතු වෙයි.



Recommended Articles