ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු  132ක් රැස් කිරීමට සමත් විය.

ධවාන් ලකුණු  40යි. අකිල ධනංජය කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 19.4ක් තුල කඩුලු 6ක් දැවී ලකුනු 133 ලබාගෙන තරඟය ජයග්‍රහණ​ය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 36 ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 40 ක් ලබාගැනීමට සමත් විය.



Recommended Articles