ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 38 වන පන්දුවාරයේදී කඩුලු 7ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වි​ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76 ක් ලබාගත් අතර භාණුක රාජපක්ෂ ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් වි​ය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරගය තරග දෙකට එකක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වි​ය.



Recommended Articles