ශ්‍රී ලංකාව 136-3


සත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.

කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දැවී ලකුණු 354ක් රැස් කර ගැනීම ටසමත්විය. ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 126ක් රැස්කිරීමට සමත්වූ අතර රඛීම් ක්‍රොන්වෙල් ලකුණු 73ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සුරංග ලක්මාල් කඩුලු 4ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න ලකුණු 55ක් රැස්කිරීමට සමත්වූ අතර දිනේෂ් චන්දිමාල් 34* හා ධනංජය සිල්වා 23*  නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.



Recommended Articles