පාකිස්තාන කණ්ඩායම කඩුලු දෙකකින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ නිමාවූ තරගය ජයගනිමිනි.
තරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.
තරගයේ අවසන් පන්දුවේදී ලකුණු දෙකක් රැස්කරමින් ශ්‍රී ලංකාව ලකුණු 252ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ මුල කඩුලු දෙක ලකුණු 77කට දැවී ගියත් සදීර සමරවික්‍රම (42) හා කුසල් මෙන්ඩිස් (91) සිවිව්වැනි කඩුල්ලට අගනා ලකුණු 100ක සබදතාවක් ගොඩනගමින් තරගය ශ්‍රි ලංකාව දෙසට රැගෙන ආවේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු ඉක්මනින් බිඳ වැටුණත් චරිත් අසලංක (49*) තම කඩුල්ල ආරක්ෂා කරමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීය.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.