ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු කුසලානයට සුදුසුකම් ලබයි


ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියට සුදුසුකම් හිමිකර ගත්තේය. ඒ සඳහා මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේදී උස්බෙකිස්ථාන කණ්ඩායම තරගවට 3-0 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත් කරමිනි. එහි ලකුණු තත්වය දැක්වු‍‍‍නේ 25-23, 25-13 ක් හා 25-22 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබූ 13 වැනි අවස්ථාව මෙයයි.



Recommended Articles