ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන සංචිතය නම් කරයි?


ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කැඳවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පුලින තරංග,මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා ඇති බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය

දසුන් ශානක (නායක), කුසල් ජනිත් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනන්ජය ද සිල්වා, චරිත අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු

අතිරේක - ළහිරු කුමාර, ළහිරු මදුශංක, පුලින තරංග, ප්‍රවීන් ජයවික්‍රම 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කරන සියලුම කණ්ඩායම්වල සංචිත ප්‍රකාශයට පත්කිරීමට ලබාදුන් අවසන් දිනය  (10දා) දිනයෙන් අවසන් වීමට නියමිතය.



Recommended Articles