ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386කට සීමා වෙයි


පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ දී ලකුණු 386කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවී ගියේය.

ධනංජය ද සිල්වා ලකුණු 61ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට ගොදුරු විය.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5ක් ද, ජොමෙල් වොරිකන් කඩුලු 3ක් ද දවා ගත්තා.

 



Recommended Articles