අන්තර්ජාතික ක්රිකට් සභාවේ ශ්රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවීමට ඊයේ (10දා) පස්වරුවේ තීරණය කළේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික ක්රිකට් සභාව සඳහන් කළේය.
තහනම අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.
තහනම අනුව අන්තර්ජාතික ක්රිකට් සභාව ශ්රී ලංකා ක්රිකට් වෙත ඉදිරියේදී කොන්දේසි පැනවෙනු ඇත.