ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කුළුඳුල් විදෙස් ලීග් අත්දැකීමක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු වූ පැතුම් නිශ්ශංක හා ධනංජය ද සිල්වාට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ වරම් හිමිවී ඇත

. ඔවුන් දෙදෙනාට විදෙස් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරිමට ලැබුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.  මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සිලෙට් ස්ට්‍රයිකර්ස් සමගින් ද පැතුම් නිශ්ශංක රන්ග්පූර් රයිඩර්ස් සමගින්ද ගිවිසුම්ගතවී ඇත.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර එළඹෙන 2023 ජනවාරි මාසයෙදී පැවැත්වීමට නියමිතය.

පැතුම් නිශ්ශංක 

ධනංජය



Recommended Articles