ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක්


දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ප්‍රථ​ම එක්දි​න ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 96 ක් රැස් කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 301ක ඉලක්කයක් හිමි වූයේ​ය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 72යි.

තරඟයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දු විසින් දිනා ගැනීමට සමත් විය.

 



Recommended Articles