ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රුමේෂ් රත්නායකට


පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා පත් කර ඇති බවට වාර්තා වෙයි.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles