ශ්‍රී ලංකා - නැමීබියා තරඟය අ​ද


2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වීමට නියමිතයි.

නැමීබියාවට එරෙහිව එම තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේදීයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර එහිදී ඔවුන් නැමීබියාවට අමතරව අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වැදීමට නියමිතයි.



Recommended Articles