ශ්‍රී ලංකා - එංගලන්ත දෙව​න එක්දින තරඟය අ​ද


ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම  අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද  (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.

මෙම ක්‍රීඩාංගනයේ මෙතෙක් පැවති තරග වාර්තා අනුව අද තරගයේදී ලැබෙන තණතීරුව පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරුවක් වනු ඇතියි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ද පරාජයට පත් නොවීමටනම් අද තරගය ජය ගැනීම අනිවාර්යය වෙයි.

මෙම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වන බැවින් ශ්‍රී ලංකාවට මෙම තරගවල ජයග්‍රහනයන් අතිශය වැදගත් වෙයි.

 



Recommended Articles