ශ්‍රී ලංකා - ඉන්දීය තරඟාවලිය කල් ය​න ලකුණු


කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දින කිහිපයකින් කල් දැමීමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි යෝජිත නව තරග කාලසටහන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වාර්තා කර ති​බේ.

ඒ අනුව ලබන 13 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියේ ප්‍රථම තරඟ​ය ලබන 17 වනදා,දෙවැනි එක්දින තරගය ලබන 19 වනදා ද, තෙවැනි තරගය ලබන 21 වනදා ද පැවැත්වීමට යෝජනා වී ඇ​ත.

20යි 20 තරගාවලිය ලබන 24, 25 හා 27 යන දිනවලදී පැවැත්වීමට ද යෝජනා කර ති​බේ.

 



Recommended Articles