ශ්‍රී ලංකා - ඉන්දියා පළමු විස්සයි විස්ස තරගය අද


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.‍

ඉන්දීය කණ්ඩායම මෙම 20යි 20 තරගාවලිය සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ සුපිරි ක්‍රීඩකයින් රැසක් සහිතව තරග කිරීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිදු හසරංග පළමු 20යි 20 තරගයට බොහෝ විට ක්‍රීඩා කිරීමට නියමිතයි.

 



Recommended Articles