ශම්සිට LPL අහිමි වෙයි


කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ගෝලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සිට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ශම්සි වෙනුවට ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් සිය කණ්ඩායමට ආදේශ කළ බව ගෝල් ග්ලැඩියේටර්ස් සදහන් කර සිටියි.

මෙවර එල්.පී.එල් තරගාවලිය හෙට  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles