වීසා ප්‍රශ්නයක් නිසා දසුන්ට කණ්ඩායම සමග යෑමට නොහැකි වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග යෑමට නොහැකි වී තිබේ.

ඒ ඔහුගේ විදෙස් ගමන්බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙනි. මෙම ගැටලුව විසදීමෙන් පසුව හැකි ඉක්මනින් දසුන් කොදෙව් දූපත්බලා පිටත්වෙනු ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.



Recommended Articles