විස්සයි20 ලෝක කුසලානයට ලංකා කණ්ඩායම පිටත්ව යයි


ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ‌ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා)  අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

29 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු ඇතුළත් වී සිටියහ. මෙම නිලධාරීන් පිරිස අතර ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරුවන්, කළමනාකරු, වේග පන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු,භෞතචිකිත්සක සහ වෛද්‍යවරුන් ඇතුළත් වී සිටියහ.

ඔවුන් අලුයම 03.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි. ඉන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට ඍජු ගුවන් ගමනක නිරත වෙමින්  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළගා වීමට නියමිතය.

 



Recommended Articles