විස්සයි විස්ස කාන්තා යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට පිටත්වෙති


දකුණු අප්‍රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

 ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යායේ විශ්මි ගුණරත්නට හිමිවී ඇත. මෙම සංචිතයට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකායන් සිව්දෙනෙකු රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු හා මතර අනුර විදුහලේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් ඇතලත්ය.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීණිය ලෙසින් ශෂිකලා සිරිවර්ධන ක්‍රියා කරයි.

 

ශ්‍රී ලංකා සංචිතය

විෂ්මි ගුණරත්න (නායිකා/ ගම්පහ රත්නාවලී බාලිකා ),දැහැමි සේනාරත්න (කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය), උමායා රත්නායක(ගම්පහ රත්නාවලී බාලිකා), රෂ්මි නෙත්රංජලී(රත්ගම දේවපතිරාජ), රෂ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය), දෙව්මි විහංගා (ගම්පහ රත්නාවලී බාලිකා), මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි), සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ), පමෝදා ෂයිනි (මාතර අනුර විදුහල), විදුෂිකා පෙරේරා (ගම්පහ රත්නාවලි බාලිකා),  දුලංගා දිසානායක (නුගේගො අනුලා), රිෂ්මි සංජනා (මාතර අනුර විදුහල), නෙත්මි සේනාරත්න (වාද්දුව මධ්‍යමහා විදුහල), හරිනි පෙරේරා (මොරටුව වේල්ස් කුමරි විදුහල), විහාරා සෙව්වන්දි (රත්ගම දේවපතිරාජ)



Recommended Articles