වසර තුනකට පසුව කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්


2017 වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින ඉනිම 49කට පසුව ශතයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූයේය.

ඒ අද (26දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීය.

එසේම මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් සිය එක්දින ලකුණු 2000 සීමාවද ඉක්මවා ගිය අතර ඒ සඳහා ඔහුට එක්දින ඉනිම 75ක් ගතවිය.

 

 



Recommended Articles