වසර 54කින් ලංකාව ලබාගත් රග්බි ජය


"ඩුබායි - 07 '' ජාත්‍යන්තර රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , " ශ්‍රී ලයන්ස් " රග්බි කණ්ඩායම එම තරගාවලිය ආරම්භ කර වසර 54 ක ඉතිහාසය තුළ පළමු වරට එම තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් 12/02 දින රාත්‍රී  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිෙය්ය. 

"ඩුබායි - 07 " ජාත්‍යන්තර රග්බි තරගාවලිය ලෝකයේ රටවල් 18 ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 11/29 දින සිට 12/01 දින දක්වා ඩුබායි හි දී පවත්වා තිබුණි .

 " ශ්‍රී ලයන්ස් '' රග්බි කණ්ඩායම " ඩුබායි - 07 " තරගාවලියේ ඉහළම තරගකාරී අංශය වන "ජාත්‍යන්තර විවෘත පිරිමි " ( International Mens Open ) යටතේ තරග කරමින් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි .

" ශ්‍රී ලයන්ස් "  කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 05 දෙනෙකුම ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි .

" ඩුබායි - 07 " ජාත්‍යන්තර රග්බි ශූරතා තරගාවලිය ආරම්භ කර දැනට වසර 54 ක් වී ඇති අතර එම කාළය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වී , ශූරතාවය දිනා ගත් පළමු ශ්‍රී ලංකා කණ්ඩායම වීමට " ශ්‍රී ලයන්ස් " රග්බි කණ්ඩායම සමත් වී තිබුණි .

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සමග ෆිජී , ඕස්ට්‍රේලියා , දකුණු අප්‍රිකා සහ ටොන්ගා රාජ්‍යයේ ක්‍රීඩකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ .

ශූරතාවය දිනා ගත්  " ශ්‍රී ලයන්ස් '' රග්බි ක්‍රීඩකයින් පිරිස 12/02 දින රාත්‍රී 10.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩකයින්ගේ නෑදෑ හිතවතුන් මෙන්ම " ශ්‍රී ලයන්ස් '' රග්බි ක්‍රීඩා සමාජයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles